2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ආහාර අර්බුදයට මුහුණ දෙන්න මන්ත්‍රී බලකායක්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 56

ගයාන් ගාල්ලගේ I

ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බැගින් පැවරීමට රජය තීන්දු කර තිබේ.

 

ඒ අනුව ඒ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළම ආහාර සුරැකුම් වැඩසටහනක් සහ ආහාර සුරැකුම් කමිටුවක් අදාළ මන්ත්‍රීවරයා විසින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය සහ ආහාර සුරැකුම් වැඩසටහන රජය විසින් සැපයීමට නියමිතවය.